Sunday, April 28, 2013

පටිසෝතගාමී ඇය...


විටෙක ගල් අතරින්
විටෙක ගොහොරු මතින්
පීරාගෙන සැඩ දිය පහරවල්
පොර බදිමින්
නොසැලෙමින්
නොපසුබටව
පිහිනයි ඇය
උඩු ගං බලා
සැබෑ කර ගනු රිසියෙන්
ඇගේ සිහිනය....

Monday, August 29, 2011

ඔයා... මම... සහ ජීවිතේ...


කිසි දාක පුරවන්න බැරි
අඩුවක් විඳින වෙලාවක,
ඒ අඩුව ටිකක් හරි පුරවන්න
ලන් උන ඔයා..

මගේ කඳුලු පිස දාලා
ලස්සන ලොකයක් මගෙ
ඇස් ඉදිරිපිට මැව්වෙ
ජීවිතෙට අලුත් අරුතක් දෙමින්

ඒත් ඒ සිහින මාලිගාව බිඳල,
ඉස්සර විඳපු දුකටත් වැඩිය
දුකක් ඉතුරු කරල
ඔයා ගිය හැටි හිතා ගන්නත් බෑ...

ජීවිතේ සමහර දේවල්
අපි හිතන විදියට වෙන්නෙවත්
අපිට ඕනි විදියට වෙනස්
කරන්නවත් බෑ...

අඬන්න කඳුලුවත්
හිනා වෙන්න සතුටකුත් නැතත්
කල පව් ගෙවෙනකන්
ජීවත් වෙන්නම වෙනව

ඒක හින්ද ඉතින්
කැමැත්ත අකමැත්ත අමතක කරල,
කඳුලයි සුසුමයි තුරුල් කරන්
හුස්ම ටික යනකන් මාත් බලන් ඉන්නව...

Thursday, March 3, 2011

කිව මැන ඇයි මෙලෙස රිදවනුයේ මසිත ...?



මිනිසුන් අතර අතරමන්ව සිටි මට
අත්වැලක් වී පාර පෙන්නීමට පැමිණි ඔබ
කිව මැන ඇයි මෙසෙ රිදවනුයේ මසිත
පාලු කතරක අතරමන් කර දමා මෙලෙස...?

****

Thursday, October 28, 2010

ඔබ දන්නව නම්...



ඔබ දන්නව නම්
සිත ඉකි බිඳින තරම්...

ඔබ දන්නව නම්...
මේ හෙලන සුසුම්

ඔබ දන්නව නම්...
නෙතු තෙමෙන තරම්

ඔබ දන්නව නම්...
ඔබ මා රිදවනා තරම්

ඔබ දන්නව නම්...
මා පෙම් කරන තරම්...

ඔබ දන්නව නම්... ඔබ දන්නව නම්...

Thursday, May 13, 2010

ඔබෙ දෑස්...


ඉකි බිඳින ම සිතට
පහදා දෙනු මැන
කතා කරන ඔය දෑස්
නොදැක සිටින්නේ කෙලෙස....

Wednesday, May 12, 2010

සත්තමයි...


නුඹ දසුන ඇයදු
ම සිතට....
සිනා මල් පොකුරක් රැගෙන...
ඔබ පමිණි බැවු සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්....
මවෙතට...

කතා කරන ඔබෙ දෑස්
යොමු කරන්
මා වෙතට...
සිනා බස් තෙපලු බැවු සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්....
ම සමඟ...

නුඹෙ ලයේ වත හොවා
ඔබෙ සුවඳේ
රැඳි රැඳි ...
සිටිය මම සන්තොසින් සත්තමයි...
සැබවින් නොව සිහිනෙන්...
ඔබ සමඟ..

සිහින අතරින් අවදි
වුනු විටදි නුඹ නොමැති බව
ම අසල...
දැනුනු විට හැඬු බව සත්තමයි...
සිහිනෙන් නොව සබවින්න්ම.....
ඉකි බිඳිමින් මෙ මම....

Monday, September 28, 2009

හිරුට පෙම් බැඳි සූරියකාන්ත මල වෙත ඒවිද හිරු කිසි දින....?


සඳට පෙම් බැඳි කඩුපුල් මල
සඳ එලියෙ විකසිතවී පරවී ගියද
තාරකා පිරි අහසෙන් බැස
එවිද සඳු මිහිමතට.....?

ඉරට පෙම් බැඳි සූරියකාන්ත මල
ඉර එලියෙ විකසිතවී මියැදුනද
වලාකුලින් මිදී පොලවට
හිරු ඒවිද කිසි දින.....?

ඔහුට පෙම් බැඳි ඇයගෙ සිත
ඔහු ගැනම සුසුම් හෙලුවද
ඔහු ඒවිද ඇයගෙ සිත
හඳුනාගෙන.....?

සඳ නොපැමිණියද මිහිමතට
කඩුපුල් මලක් පිපෙවි හෙට දිනද
හිරු නොපැමිණියද පොලවට
පිපේවි සුරියකාන්ත මලක් හෙට දිනද

ඉදින්,
ඔහු නොපැමිණියද ඇය වෙතට
නොහෙලාවිද ඇය සුසුම් ඔහු ගැන
හෙට දිනද.....?