Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Thursday, March 27, 2014

ණයගැතියි මා නුඹට....

සැමදා හිනැහෙන්න
පෙරුම් පිරුවද මහ උසට
කඳුලමය එක් උනේ නෙත් අගට..

කෙදිනකවත් වෙන් නොවී
නිබඳ සිටි නුඹට
සදා ණයගැතියි මා පෙලූ මුතු කඳුලැල් වලට



Sunday, February 23, 2014

ගතින් වෙන් වුවද මා... සිතින් ඔබ ළඟයි නිබඳ....

ගිනිගත් නගරයක
පාලු හිස් මොහොතක
අහම්බෙන් නුඹේ දෙනෙත්
මගෙ ළඟ පිපුනාම
සිතේ සිරවුන සුසුම
සතුටු කඳුලක් එක්ක
මා දෙනෙතේ දැවටුනා...
ගිනිගත් නගරයෙ දහසක් මල් පිපුනා...

ඒත්.....
දියේ ගිල්ලපු රබර් බෝලයක් මෙන්
ඇත්ත උඩ එද්දී..
නුඹ අන් සතු බැව් සිහිවී..
පිපුන සියලු මල් පරවී,
සතුටු කඳුල,
දුක් කඳුලක් වෙලා බිමට පතිත වුනේ
නොදැනීමයි ... සත්තමයි...
ගතින් වෙන් වුවද මා...
සිතින් ඔබ ළඟයි නිබඳ....


Sunday, April 28, 2013

පටිසෝතගාමී ඇය...


විටෙක ගල් අතරින්
විටෙක ගොහොරු මතින්
පීරාගෙන සැඩ දිය පහරවල්
පොර බදිමින්
නොසැලෙමින්
නොපසුබටව
පිහිනයි ඇය
උඩු ගං බලා
සැබෑ කර ගනු රිසියෙන්
ඇගේ සිහිනය....

Monday, August 29, 2011

ඔයා... මම... සහ ජීවිතේ...


කිසි දාක පුරවන්න බැරි
අඩුවක් විඳින වෙලාවක,
ඒ අඩුව ටිකක් හරි පුරවන්න
ලන් උන ඔයා..

මගේ කඳුලු පිස දාලා
ලස්සන ලොකයක් මගෙ
ඇස් ඉදිරිපිට මැව්වෙ
ජීවිතෙට අලුත් අරුතක් දෙමින්

ඒත් ඒ සිහින මාලිගාව බිඳල,
ඉස්සර විඳපු දුකටත් වැඩිය
දුකක් ඉතුරු කරල
ඔයා ගිය හැටි හිතා ගන්නත් බෑ...

ජීවිතේ සමහර දේවල්
අපි හිතන විදියට වෙන්නෙවත්
අපිට ඕනි විදියට වෙනස්
කරන්නවත් බෑ...

අඬන්න කඳුලුවත්
හිනා වෙන්න සතුටකුත් නැතත්
කල පව් ගෙවෙනකන්
ජීවත් වෙන්නම වෙනව

ඒක හින්ද ඉතින්
කැමැත්ත අකමැත්ත අමතක කරල,
කඳුලයි සුසුමයි තුරුල් කරන්
හුස්ම ටික යනකන් මාත් බලන් ඉන්නව...

Monday, September 28, 2009

හිරුට පෙම් බැඳි සූරියකාන්ත මල වෙත ඒවිද හිරු කිසි දින....?


සඳට පෙම් බැඳි කඩුපුල් මල
සඳ එලියෙ විකසිතවී පරවී ගියද
තාරකා පිරි අහසෙන් බැස
එවිද සඳු මිහිමතට.....?

ඉරට පෙම් බැඳි සූරියකාන්ත මල
ඉර එලියෙ විකසිතවී මියැදුනද
වලාකුලින් මිදී පොලවට
හිරු ඒවිද කිසි දින.....?

ඔහුට පෙම් බැඳි ඇයගෙ සිත
ඔහු ගැනම සුසුම් හෙලුවද
ඔහු ඒවිද ඇයගෙ සිත
හඳුනාගෙන.....?

සඳ නොපැමිණියද මිහිමතට
කඩුපුල් මලක් පිපෙවි හෙට දිනද
හිරු නොපැමිණියද පොලවට
පිපේවි සුරියකාන්ත මලක් හෙට දිනද

ඉදින්,
ඔහු නොපැමිණියද ඇය වෙතට
නොහෙලාවිද ඇය සුසුම් ඔහු ගැන
හෙට දිනද.....?

Tuesday, June 9, 2009

නිබඳ මා හා රැඳෙන ඔබ...




සිනා සෙන විට මා හා සිනාසෙන
හඬද්දී මා හා හඬන
මා මෙන් උවද මා නොවන
කැඩපත් රාමුවෙන් වෙන් වී සිටින

ඔබය මාගේ පිලිඹිමුව,
නිබඳ මා හා රැඳෙන....

Monday, March 16, 2009

ජීවිතය...

ජීවිතය තියෙන්නෙ විඳින්න මිසක්
විඳවන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේ වැඩිපුරම
කරන්නෙ විඳවන එක
ඒක දෛවයෙ හරි නපුරු පලි ගැනීමක්...

ඇස් තියෙන්නෙ ආස කරන දේවල් බලන්න මිසක්
ඒවා බලලා කඳුලු සලන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේම කරන්නේ
මහවැලිය තරම් කඳුලු හෙලන එක
ඒක හරි දරා ගන්න බැරි අවාසනාවක්...

හදවත තියෙන්නේ සැනසෙන්න මිසක්
ඇවිලෙන්න නෙමෙයි
ඒත් අපිට ජීවිත කාලයේ වැඩිපුරම
වෙන්නේ පපුව ඇවිලෙන එක
ඒක විඳවන්න බැරි දුකක්...

ආදරය තියෙන්නෙ එක් වෙන්න මිසක්
වෙන් වෙන්න නෙමෙයි
ඒත් අපි ජීවිත කාලයේ වැඩිපුරම
කරන්නෙ වෙන් වෙන එක
ඒ වෙන් වීම හමුවීමට වඩා කටුකයි
ඒ වෙන් වීමට වඩා මරණය සැපයි...!

මීට කලකට ඉහතදී මගේ යෙහෙළියකගෙන් ලද මෙම වදන් පෙලන් කැටපත් පවුර ආරම්භ කරන්නට අවසරයි!