Thursday, March 27, 2014

ණයගැතියි මා නුඹට....

සැමදා හිනැහෙන්න
පෙරුම් පිරුවද මහ උසට
කඳුලමය එක් උනේ නෙත් අගට..

කෙදිනකවත් වෙන් නොවී
නිබඳ සිටි නුඹට
සදා ණයගැතියි මා පෙලූ මුතු කඳුලැල් වලට



Sunday, February 23, 2014

ගතින් වෙන් වුවද මා... සිතින් ඔබ ළඟයි නිබඳ....

ගිනිගත් නගරයක
පාලු හිස් මොහොතක
අහම්බෙන් නුඹේ දෙනෙත්
මගෙ ළඟ පිපුනාම
සිතේ සිරවුන සුසුම
සතුටු කඳුලක් එක්ක
මා දෙනෙතේ දැවටුනා...
ගිනිගත් නගරයෙ දහසක් මල් පිපුනා...

ඒත්.....
දියේ ගිල්ලපු රබර් බෝලයක් මෙන්
ඇත්ත උඩ එද්දී..
නුඹ අන් සතු බැව් සිහිවී..
පිපුන සියලු මල් පරවී,
සතුටු කඳුල,
දුක් කඳුලක් වෙලා බිමට පතිත වුනේ
නොදැනීමයි ... සත්තමයි...
ගතින් වෙන් වුවද මා...
සිතින් ඔබ ළඟයි නිබඳ....


Sunday, April 28, 2013

පටිසෝතගාමී ඇය...


විටෙක ගල් අතරින්
විටෙක ගොහොරු මතින්
පීරාගෙන සැඩ දිය පහරවල්
පොර බදිමින්
නොසැලෙමින්
නොපසුබටව
පිහිනයි ඇය
උඩු ගං බලා
සැබෑ කර ගනු රිසියෙන්
ඇගේ සිහිනය....

Monday, August 29, 2011

ඔයා... මම... සහ ජීවිතේ...


කිසි දාක පුරවන්න බැරි
අඩුවක් විඳින වෙලාවක,
ඒ අඩුව ටිකක් හරි පුරවන්න
ලන් උන ඔයා..

මගේ කඳුලු පිස දාලා
ලස්සන ලොකයක් මගෙ
ඇස් ඉදිරිපිට මැව්වෙ
ජීවිතෙට අලුත් අරුතක් දෙමින්

ඒත් ඒ සිහින මාලිගාව බිඳල,
ඉස්සර විඳපු දුකටත් වැඩිය
දුකක් ඉතුරු කරල
ඔයා ගිය හැටි හිතා ගන්නත් බෑ...

ජීවිතේ සමහර දේවල්
අපි හිතන විදියට වෙන්නෙවත්
අපිට ඕනි විදියට වෙනස්
කරන්නවත් බෑ...

අඬන්න කඳුලුවත්
හිනා වෙන්න සතුටකුත් නැතත්
කල පව් ගෙවෙනකන්
ජීවත් වෙන්නම වෙනව

ඒක හින්ද ඉතින්
කැමැත්ත අකමැත්ත අමතක කරල,
කඳුලයි සුසුමයි තුරුල් කරන්
හුස්ම ටික යනකන් මාත් බලන් ඉන්නව...

Thursday, March 3, 2011

කිව මැන ඇයි මෙලෙස රිදවනුයේ මසිත ...?



මිනිසුන් අතර අතරමන්ව සිටි මට
අත්වැලක් වී පාර පෙන්නීමට පැමිණි ඔබ
කිව මැන ඇයි මෙසෙ රිදවනුයේ මසිත
පාලු කතරක අතරමන් කර දමා මෙලෙස...?

****

Thursday, October 28, 2010

ඔබ දන්නව නම්...



ඔබ දන්නව නම්
සිත ඉකි බිඳින තරම්...

ඔබ දන්නව නම්...
මේ හෙලන සුසුම්

ඔබ දන්නව නම්...
නෙතු තෙමෙන තරම්

ඔබ දන්නව නම්...
ඔබ මා රිදවනා තරම්

ඔබ දන්නව නම්...
මා පෙම් කරන තරම්...

ඔබ දන්නව නම්... ඔබ දන්නව නම්...

Thursday, May 13, 2010

ඔබෙ දෑස්...


ඉකි බිඳින ම සිතට
පහදා දෙනු මැන
කතා කරන ඔය දෑස්
නොදැක සිටින්නේ කෙලෙස....