Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Tuesday, June 16, 2009

වැලි මාලිගාව



ඔබ මගෙන් ඈත් ඌ දා සිට
ඔබ දුර බැව් කොපමණ ම සිතට කීවද?

රල පහරින් වැලි මාලිගා බිඳී යන්නා සේ
ඔබෙ මතකයන්, මහදේ පැටලී ඔබ දුර ඈත බැව් අමතක කරවාලයි.

රල පෙල සමග ආ සුලන් රොදක් මා ගත කුල්මත් කරවාලයි
"මා ඔබ සමඟයි" යමෙක් මුමුණනු ඇසේ...

ඔබ මා ගෙන් ඈත් උවද ඔහු මා හැර දමා නොයයි
නිබඳ මා හා රැඳෙමින් මාගේ සෙවනැල්ල මෙන් ඔහු සිටියි

එහෙත් ඒ සෙවනැල්ල තනිකම පමනක්ම වු කල....?

ඉතිරිව ඇත්තෙ රල පහරට ගසාගෙන ගිය වැලි මාලිගාවක් පමණි!!!


කලකට ඉහතදී මාගේ ඉංග්‍රීසි බ්ලොගයට ලියූ Sand Castle නිර්මාණය මාගේ මිතුරියකගේ ඉල්ලීම මත මෙලෙස සිංහලට පරිවර්තනය කිරීමට වෙර දැරීමි.ඉන් යම් හෝ හානියක් මුල් නිර්මාණයට වුනි නම් පාඨක ඔබගෙන් සමාව අයදිමි.